2008-07-24
සුදු වෑන් සෙල්ලම
මගේ කේජු කෑල්ල අරන් ගියේ කළු කපුටෙක් යැයි කියා නරියෙකු කිවහොත් ?
පරසිඳු විහිළුවක් වේ ක්‍රිකට් ගැන. චීනයේ ක්‍රිකට් කෙලිය නැත්තේ ඔවුන් එයට අකමැති නිසා නොවේ ලු. ක්‍රිකට් කෙලින රටවල් ඔවුන් ව ඒ සඳහා ගන්නේ නැති ලු. හේතුව චීනුන් සැවෝම රූපයෙන් එක සමාන බැවින් හොඳම පිතිකරු පවා දැවී ගියත් ටික වේලාවකින් නැවත පැමිණ සෙල්ලම් කරන බැවින් ලු.
2008-07-21
මුහුණු
"බලන්නකෝ මේ හැමෝගෙම මුහුණු දිහා, ඔයාට දෙයක් පෙනෙනවද?" ඇය මගෙන් පිලිවිතරියාය. ඇත්තෙන්ම කිසිදු සිනහ මුසු මුහුණක් එහි නොවීය. ඔවුන් සිටින්නේ මහත් වූ දුකකට පත් වීමට ඔන්න-මෙන්න කියා මෙන්ය. රැකියාවට යාමට මෙතරම් අකමැතිද? තමා කරන දෙයින් කිසිවෙකු තෘප්තිමත් නැති ගානය. මා මෙය තවදුරටත් තහවුරු කරනු වස් අද බසය තුලද, ප්‍රීතිමත් මුහුණක් සෙව්වෙමි. එවැන්නක් නැත. මා ද සිනහ මුසුව නොමැති ව ඇති. ඇයි මේ?2008-07-15
දුවණිය බේරා ගැනීම
තෙලි දසුනය අපට කෙරෙන බලපෑම ගැන අනේකුත් ලිපි අනේකුත් මාධ්‍යයන්ගේ පලව ඇත. එය නොබලා සිටීමෙන් හැර එය වැඩිහිටියන් වන අපගේ සිතුවිලි වලට පවා කරන බලපෑමෙන් මිදිය නොහැක. එ නයින් ගත් කල කුඩා දරුවන්ට එය කෙරෙන බලපෑම කෙතෙක් වනු ඇතිද? මා සිටින කුඩා මහල් නිවසේ, දිවා කල දුවණිය හා රැදෙන්නේ මා පිය සොඳුරියගේ අම්මාය. ආදරය රැකවරණය අතින් ඈ අති සුරක්ෂිතය. අම්මා දිවා රැයේ දියණිය සමඟ සිටීම හැරුනු කොට කැරමට කිසිදු කාරියක් ගෙදර නැති හෙයින් තෙලි දසුන දෙස බලා හිදී. මගේ කුඩා දියණියද ඒ සමඟ වෙයි. එතුලින් ගලන කුණු කිසිදු පෙරීමකින් තොරව ඇගේ කුඩා මොලය ආක්‍රමණය කරනු ඇත. අම්මාට මේ මෝඩ පෙට්ටියෙන් මිදෙන්නට උපදෙස් දුනහොත් ඇය කුමක් කරන්නද? තවද කෙතරම් දුරට ඇගේ සිත රිදෙනු ඇතිද? එසේම මා වත් නොබලන මේ නරක ගුහාවෙන් ගලන නරකාදියෙන් මගේ දුව බේරා ගන්නේ කෙසේද? අපි දියණුව නමින් කුමණ තැනක සිටින්නෙමුද?2008-07-14
අහසින් ඔළුවට වැටුනු ඔළුව
2008-07-13
වැඩ වැරුම
2008-07-11
කොමා වලින් වෙන් වූ ගොනුවක් mysql දත්ත සමුදායකට ඇතුල් කිරීම
අප ආයතනයේ තෙලිබහුන අංක ඇතුලතජාලයෙන් (intranet - යන්නට නියම වචනයද නොදනිමි.) ලබාගැන්මට කුඩා අතුරුමුහුණතක් සදාගැන්මේදී xls ගොනුවක තිබූ තෙලිබහුන අංක රැස mysql දත්ත සමුදායකට ගැන්මට උවමනා විය. මුලින්ම එය cvs හෙවත් කොමා වලින් වෙන් වූ ගොනුවක් ලෙස සුරකින ලදි. උත්සහයන් කිහිපයක් වැරදුනු පසු සාර්ථක කුඩා php ක්‍රමලේඛයක් සාදා ගතිමි. එය මෙසේය.
include ("incl/sql_connect.incl");
$row = 1;
$handle = fopen("teleno.csv", "r");
while (($data = fgetcsv($handle, 1000, ",")) !== FALSE) {
$num = count($data);
echo "
$num fields in line $row:
$row++;
$sql="INSERT INTO `telephone` (`field1` , field2 , `field3` , `field4`) VALUES ('$data[0]','$data[1]','$data[2]','$data[3]')"; //use %d if the values are numbers instead of a string/text
mysql_query($sql)||die("Insert error: ".mysql_error());
echo "inserted";
}
fclose($handle);
?>
PHP නිල වෙබය මෙහිදී අති මහත් ප්‍රයෝජනයක් විය.
2008-07-10
උසස් අධ්‍යාපනයෙන් ලැබෙන්නේ ආචාර්ය ද නැතිනම් අචාර්්ය ද
යොමුව කීම
අප සාමාන්‍යයෙන් යොමුවක් කියන්නේ වඩාත් පරසිඳු තැන මුල් කිරීමෙනි. උදාහරණයකට "කොල්ලුපිටියේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ට දකුනින් ඇති පාර". අපි මෙහිදී වඩාත් ජනප්‍රිය තැන බැංකුව යොමුවට ගනිමු. ඊයේ බසය තුල දෙදෙනෙකු අතර සිදු වූ සංවාදයක් මට ඇසුනයුරු මෙසේය.
"මචං එතනට යන්නේ කොහොමද?"
"ආහ්! මෙහෙමයි. අර බම්බලපිටියේ මසාජ් පොට් තියෙන්නේ, ඒකට එහා පැත්තේ පාරේ යන්න ඕනේ".
කොහොමද අදාල තැන ගැන දෙදෙනා අතර පරසිඳු බව?
2008-07-04
අපේ දරුවෝ
මගේ දුවනිට පොතේ ඇති කජු පුහුලම පාට කළ නොහැක. හේතුව ඇය එය මොන පැහැයදැයි නොදනී. ඉඳින් මා ඇයව කජු පුහුලම් පෙන්වීමට රැගෙන යන්නේ කොහෙද? පේරාදෙණියේ උද්ඟිත උයනේ වත් අඩුම තරමේ මේ ගස් කොලන් ටික තියෙනවාදැයි නො දනිමි? කොහොමත් ලඟදීම ඇයව කැදවාගෙන මම එහි යමි.
උදේ ගොස් රැයට ලගිනා කපුටන් මෙන් අපි මහල් නිවසෙක සිරගතව ඇත්තෙමු. දුවනිට ගසක මල් පිපෙන අයුරු පෙන්වීමට කුඩා පෝච්චියක කුඩා මල් පැලයක් ඉන්දවා තිබේ. එය ඉද හිට මලක් ලබා දෙන්නේ අප ගැන සිතා නොව කුඩා දියණිය ගැන සිතා විය යුතුය.
2008-07-03
මග දිගට ලතැවෙන අපි
2008-07-02
උදයේ දුටු කලුන
සටහන :- කලුන් රත් අත් තඹරට (කව්සිළුමිණ)
කලුන් - කාන්තාවන්
