2010-02-15

නිලන්ත පියසිරි විසින් 10:23 පැයට
2

අවතාර් බැළුවෙමි

යම්තම් අමාරුවෙන් අමාරුවෙන් අවතාර් වල හොඳ පිටපතක් බාගෙන, ඔන්න ඊයේ සොඳුරියත්, දුවනියත් සමඟ නැරඹුවා. ඇත්තෙන් ම අපූරු චිත්‍රපටියක්. පසු ගිය දවසක නැරඹූ "Surrogates" නැමැති චිත්‍රපටියද යන්තම් මතකයට ආවා. කවුරුන් කාගෙන් අදහස කොපි කළාද කියලා කියන්න දන්නේ නැහැ. කෙසේ නමුත් ජෙම්ස් කැමරුන් දක්ෂයෙක් ම තමයි. කිසිම තැනකදී ප්‍රේක්‍ෂකයා ට වෙනත් චිත්‍රපටියෙන් එහා අදහසක් වත් එන්න දෙන්නේ නැති විදිහට ඇද බැඳ තබා ගන්නවා. තව කිහිප වරක් වත් බලන්න ඕනේ. බැළුවේ නැතිනම් අනිවාර්යෙන් බලන්න.

2 අදහස් දැක්වීම්:

Anonymous said...

තුන් සැරයක් වත් බලන්න. හුඟාක් දේවල් එක සැරයක් බැළුවාට තේරෙන්නේ නෑ. තේමාව සමඟ මගේ ගැටළු තිබුණත් හොඳ සිතුවම්පටක්. නිවැරදි උච්ඡාරණය ලිවීම පැසසිය යුතුයි. ඕකට 'ඇවටර්' කියන කොට මට යකා නඟිනවා.

- Taboo

අනුරාධ said...

Avatar කියන්නේ copy කල අදහසක් නෙවෙයි. බොහෝ හොලිවුඩ් චිත්‍රපට වල එක හා සමාන ලක්ශණ බොහොමයක් තියෙනවා. නැවුම් අදහසකින් යුතු චිත්‍රපටයක් නිමැවෙනව අඩුයි. ලඟදි දැක්ක ඒ වගේ නැවුම් අදහසකින් නිම උන චිත්‍රපටි 2ක් ගැන කියන්න පුලුවන්. 1ක් District 9. අනිත් 1 Avatar.
ඇත්තටම කියන්නේ අවතාර් කියන වචනය ඉංග්‍රීසියට ගොස් ගොඩ නැගිච්ච වචනයක් තමයි Avatar කියන්නේ. නමුත් ඉංග්‍රීසියෙදි එය ශබ්ද වෙන්නෙ අවතාර් ලෙස නෙවෙයි. ඇවටර් ලෙසයි.