2008-11-24
නිලන්ත පියසිරි විසින් 12:03 පැයට
0
අහිංසක මංකොල්ල කාරයෝ
නිලන්ත පියසිරි විසින් 10:38 පැයට
මනුස්සකම
ජාතිවාදියෝ කියනවා, ජාති භ්‍රෂ්ඨයෝ කියනවා, ජාති ප්‍රේමියෝ කියනවා, මේ හැමෝම එකිනෙකාට ඇඟිලි දිගු කරති. ජාතිය, ආගම වැනි දේවල් උප්පත්තියත් එක්ක ලැබෙන දෙයක් හැටියට බොහෝ දෙනා සිතති. නමුත් මා සිතන්නේ එය එසේ නොවන බවයි. ටිබෙට් ජාතික යැයි කියූ මහින්ද හිමි, සිංහල විය, විදෙස් ආක්‍රමණ කාලයේ, බුදු දහම අතහැර කිතුණු දහම වැලද ගත් හෙළයෝ කෙතරම් මෙහි වෙත්ද? නමුත් පැණය තිබෙන්නේ, මේ හැමෝම හිතන්නේ තමුන්ට උපතින්ම මේ සියල්ලටම අයිතියක් ඇති බවකි. මම මගේ ජාතිය සිංහළ වීම ගැන අභිමන් වෙමි. එසේම තවත් දෙමළ මනුස්සයෙකුට තමන් දෙමළ වීම ගැන ආඩම්බර වීමට අයිතියක් ද ඇත. එසේම මට දෙමළ සංස්කෘතිය අනුගමනය කොට දෙමළෙකු වීමට අයිතියක් ඇතුවාක් මෙන් ඕනෑම දෙමළෙකුට සිංහළ සංස්කෘතිය බාරගෙන සිංහළ වීමේ අයිතියකුදු හැකියාවකුදු ඇත. එසේම තමන් ගේ එම ජාතිය ගැන උදම් වීම කිසි සේත් ජාති වාදයක් නම් නොවේ.
එසේ නම් දැන් මොකක්ද මේ ජාතිවාදීන් නොවේ යැයි කියා සිංහල ජාතිය ගැන කතා කරන්නවුන්ට පහර ගසන අය ගේ උවමනාව? සිංහළයෝ, දෙමල්ලු හෝ බර්ගරයෝ නෙමේ ප්‍රශ්ණේ, මෙතන ප්‍රශ්ණේ මනුස්ස කම. මා කුඩා කල, අපේ පවුලම ගුවන් මඟින් යාපනයට ගියෙමු. (එකල රජයේ සේවකයන්ට ගුවන් මඟින් යාම සඳහා අවසරයක් (warrant) විය.) අප ගියේ යම් ජාතිවාදී කලබලයක් යාපනයේ පැන නැඟි කාලයේම විය. (මා කුඩා නිසා එතරම්ම ඒ ගැන විස්තර කිරීමට මතක නොමැත). කෙසේ මුත් ගිනි තැබූ සිංහල ගෙවල් කිහිපයක් මගේ තාත්තා විසින් මට පෙන්වන ලදි. ඒවා පොල් අතු මඟින් ආවරණය කර තිබූ අයුරු මට සිහියට නැගේ. පොල් අතු දෙකක් මෑත් කර බැලූ මට දැක ගන්නට ලැබුනේ දැවී ගිය මිනිස් සිරුරකි. සිංහළයෝ බොහෝ දෙනෙක් යාපනය නඟරයේ වූ නාග විහාරයේ උයා පිහාගෙන කමින් සිටියෝය. අපේ ගමනේ අරමුණ වූයේත් නාග විහාරය සහ නාග දීපය වැද ගැනීම විය. කෙසේ මුත් අපි දිවා ආහාරය සඳහා කඩයකට ගියෙමු. අපේ තාත්තාට දෙමළ තරමක් කතා කළ හැකි විය. හේ කඩයෙන් ඉඳි ආප්ප ඉල්ලා සිටියේය. ඉඳි ආප්ප වීදුර පෙට්ටියක පුරවා තිබියදීත්, ඉඳි ආප්ප නැතැයිද, සිංහලයින්ට කෑම නොදෙන බවද මුදලාලි කීවේය. මෙලෙස කඩ කිහිපයකින්ම විමසන ලද මුත් අපට කිසිවක් කෑමට නොලැබුණි. දැන් මට තීරණය කළ හැකිද, දෙමල්ලූ හැමෝම ජාතිවාදියෝ බව. කුඩා ලමුන් තිදෙනකුට කෑමට යමක් දීගත නොහැකි වූ අපේ තාත්තාට කුමන හැඟීමක් ඇති වන්නට ඇතිද? අප නැවත කොළඹට පැමිණීමට නියමිත වූයේ පසු දින ගුවන් යානය මඟින් වුවත් එදිනම සවස දුම්රිය මඟින් අප කොළඹට පැමිණියෙමු. මෙහිදී තවත් යමක් පැවසිය යුතුය. දුම්රිය පොලේ වූ දෙමළ මනුස්සයෙක් අපට කෑමට ඉඳි ආප්ප සහ තෝසේ ගෙනවුත් දුන්නේය.
සිංහලයෝ, දෙමල්ලු මේ කිසිවෙක් ජාතියක් වශයෙන් ජාතිවාදීහු නොවෙති. නමුත් ජාතිවාදී අමනුස්සයෝ, ලංකාවේත්, ඉන්දියාවේත්, ඇමරිකාවේත් වසති. ඉඳින් ඒ නොමිනිස්සු නිසා එම ජාතියට බැණ වැදීම සාධාරණද?

2008-11-21
නිලන්ත පියසිරි විසින් 15:34 පැයට
කුළක සාදා ගැනීම
"නිවාඩු පැමිණි සෙබළා පෙම්වතියට වෙඩි තබයි", "සෙබළෙකු වෛද්‍යවරියක් මරා දමයි" ... මැයින් යුතු පුවත් අපි දකිමු. එතැන් පටන් සිදුවන්නේ කුමක්ද? "හමුදා කාරයෝ ඔහොම තමයි, හිත් පිත් නැහැ.." ආදි වශයෙන් දහසකුත් දෙස් දෙවොල් තබන්නෝ අනේක වෙති. "වෛද්‍යවරයෙකු තම රෝගියෙකු ඉහල මාලයෙන් පහලට තල්ලු කොට මරා දමයි", "නීති විරෝධී ගබ්සාවෙන් කත මරුට" ලෙස පුවත් සිරැස් කියැවුනත් "දොස්තරලා හැමෝම ඔහොම තමයි" කියන්නෝ නම් නොවෙති. සෙබළු හැමෝම මිනී මරුවෝද?, දොස්තරලා හැමෝම සාන්තුවරයන්ද?. එක් අයෙක් කරන වරදට කුළක සෑදීම මෙරට බෙහෙවින් දක්නට තිබේ. එක් එක් රැකියාව අනුව ඔවුන් ලබා ගන්නා ශික්ෂාවක් තිබේ. වෙසසින්ම හමුදා තුල එම විනය ඉහලින්ම රැකේ. අතරින් පතර අළුගෝසුවන් නැතුවා නොවේ. නමුත් බොහෝ අළුගෝසුවන් විනය ගරුක කරන තැනකි හමුදාව. එක් මනුස්සයෙක් කරන වරදකට සමූහයක් වගකිව යුතුද?
නිලන්ත පියසිරි විසින් 14:14 පැයට
විවිධත්වය හා ඒකාකාරිත්වය
දැන් ලංකාවේ තිබේ යැයි කියන පැණය කුමක්ද? ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ද? ඒක නොවේ බොහෝ දෙනෙකුට අනුව පැණය. පැණය නම් ජනවාර්ගික ගැටළුවයි. දේස පාලුවෙක් ගෙන් ඇසුවොත්, විද්වතෙකුගෙන් අසුවොත්, බොහෝ සාමාන්‍ය ජනතාවගෙන් ඇසුවොත් කියන්නේ "ජනවාර්ගික ගැටළුව තමයි රටේ මූලික ගැටළුව". ඒත් හත් දෙයියනේ කවුරුවත් කියන්නේ නැහැනේ මේ ගැටළුව මොකක්ද කියලා. ජනවර්ග කිව්වහම සිංහළ, දෙමළ, මුස්ලිම් මූලික කොට ගෙන කිහිපයක්ම තියෙනවා නොවැ. මේ බහු බූතයෝ හැමෝම කියන්නේ යුද්ධය එපා ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබා දෙන ලෙසයි. අප මූලික ලෙසම සිංහළ දෙමළ ජනවර්ග දෙක ගනිමු. දෙමෙල්ලුන්ගෙන් භාගයකට වඩා ඉන්නේ ඊනියා ඊලාම් දේසේ නොව අනෙක් පැති වල බවයි කියැවෙන්නේ. ඉඳින් අපේ සිංහල ජාතිවාදියෝ දෙමළ අම්මා කෙනෙක්/මුස්ලිම් අම්මා කෙනෙක් ළමයෙක් වඩාගෙන බසයට නැඟුනොත් වාඩි වෙන්න ඉඩක් දෙන්නේ නැතිද? (කාටවත් ඉඩ දෙන්නේ නැති අය ඉන්නවා ඒක වෙනම කථාවක්). දෙමළ/මුස්ලිම් කඩවලින් බඩු ගන්නේ නැතිද? දෙමළ/මුස්ලිම් හිඟන්නන්ට හිඟමන් නොදෙන්නේද?
නමුත් සිංහළයෝ බොහෝ දෙනෙක් ජාතිවාදීන් බවයි, මේ බොහෝ ඊනියා සාමවාදීන් ගේ කියමන. ඔවුන්ට අනුව මහ ජාතියෙන් සුළු ජාතින්ට වෙන්නේම කෙනෙහෙලි කම්. නමුත් මුස්ලිමුන්ට පමණක් හිඟමන් දෙන මුසල්මානුවෝ බොහෝ දෙනෙක් ඉන්නා බව මම පුද්ගලිකව දනිමි. වවුනියා (වැව්‍නිමාව) යන කෝච්‍චියේ දෙමළුන්ට පමණක් අසුන් දෙන දෙමළුන් මම දැසින් දැක ඇත්තෙමි. ජාතිවාදීන් කවරෙහුද?
අපි (සිංහළයෝ) හැමදාම විවිධත්වයට කැමැති අය වෙන්නෙමු. තෝසේ රස විදින්නේත්, කොත්තු රස විදින්නේත්, දෙමළ සින්දු අහන්නේත් ඇයි? කමල් හසන් ගේ සේයා රූ කාමරයේ ගසා ගෙන ඉන්නේ ඇයි? බසයේ දකින දෙමළ දරුවා සුරතල් කරන්නේ ඇයි?
දැන් බොහෝ සාමවාදීන් ගේ විසදුම කුමක්ද? දෙමළුන්ට වෙනම පරිපාලන ව්‍යුහයක්, මුසල්මානුවන්ට වෙනම පරිපාලනයක්, වැද්දන්ට වෙනම ව්‍යුහයක්. එකට ඉන්න හොඳ නැහැ.
ජෛව විවිධත්වය අතින් සරුසාර රටක් ලෙස අපේ රට කැපී පෙනෙන බව තමයි කියන්නේ. ඒ විවිධත්වය ලස්සනයි, මේ ජාතින්ගේ විවිධත්වය කැතයි. කාටද කියන්නේ මේ අවනඩුව?

2008-11-20
නිලන්ත පියසිරි විසින් 16:00 පැයට
ගොදුරට එන ගිජු ලිහිණියෝ
නිලන්ත පියසිරි විසින් 10:47 පැයට
කළ යුත්තේ කුමක්ද?
ත්‍රස්තවාදීන්‍ට එරෙහිව කෙරෙන සටනේ දී අපේ සෙබළුන් මැරෙති. යුද්ධය නිතරම අවජාතක බවද කියැවේ. සටනේ දී අත පය, ඇස්, ඉස්, මස් ආදී දේ අහිමි වූ කී දෙනෙකු අප අතර වෙත්ද? යුද ගී ගයා පෙරමුණට යවන්න වෙහෙසෙන කිසිවෙකු ගේ නෑයෙක් පෙරමුණේ නොවෙති. උඩින් දමන බෝම්බ වලින් නිරායුධ, අහිංසක වැසියන් ද මැරෙති. යුධ විරෝධීන්ව මර්දන කරන බවද කියැවේ. යුද්ධයට හුරේ දමන කිසිවෙකුත් පෙරමුණේ දුක් විදින සෙබලා ගැන සොයා නොබලති. යුද්ධය නිසා රටේ බඩු මිල අහස උසට නැඟ ඇත. ඒ ගැන කිසිවෙකු කථා නොකරති. දේසපාලුවන් ගේ ආරක්‍ෂාව පිණිස පැය ගණන් පාරවල් වසා තිබේ.
මොනවද මේ කියන්න හදන්නේ. යුද්ධය/සටන එපා.
කවුරුද යුද්ධයට කැමති? කවුරුත් කැමැති නැහැ (අවි වෙලෙන්දෝ සහ උන් ගේ එජන්තයෝ හැර). එහෙනම් මොකටද මේ අපේ අහිංසක සහෝදරයෝ ගිහින් මැරුම් කන්නේ. උන් මැරුම් කන්නේ ඇගේ අමාරුවට? බොරු පුහු චන්ඩි කම් වලට නොවෙද?
රටකට නීතියක් තිබේ, රජයක් තිබේ, පාලනයක් තිබේ. (එය කෙතරම් අප රට තුල සහ ඊට සමඟාමීව අනෙකුත් රටවල බලපවත්වනේද යන්න පැණයකි). මට අසාධාරණයක් වූයේ යැයි කියා හෝ වේවි කියා හෝ කඩුවක්, තුවක්කුවක් ගෙන සැවොම මරමි'යි කියා යකා නැටිය හැකිද? හෙට දිනේ අවිය තොපේ හිසට එල්ල කොට මෙය කරවැයි හොරෙකු හෝ තක්කඩියෙකු අණ දුන් කල තොප මේ හොරා මෙසේ කියන්නේ ඔහු ගේ දුප්පත් කම නිසා හෝ ඔහුට අසාධාරණයක් වූ හෙයිනැයි සිතා එසේ කරමීයි කියන්නේ ද නැතහොත් වෙනත් අයෙකුට මෙම අවි තුඩඟ එල්ල කිරීමට පළමු ඊට එරෙහි වන්නේද?
මගේ සහෝදරයා කකුල අහිමිව, දෑස අහිමිව දුක් විදියි. ඒ පිළිබඳ ඔහුට දුක බැව් සැබැවි. ඒ පිළිබඳ මට දුක බව සැබැවි. ඒ පිළිබඳව ඔබට දුක සිතෙන බැව්ද සැබැවි. එහෙත් ඔබව බේරා ගැන්මට ගොස් ඔහු කකුල අහිමි කර ගත් පසු, "අපරාදෙනෙ ඔයා කකුල නැති කරගත්තේ කියා" ඔබ කිව හොත් ඔහුට කෙතරම් දුක හිතෙනු ඇතිද? "අපරාදේ යුද්දේ නිසා ඔයා ගේ පුතා නැති වුනේ" කිව හොත් අම්මා කෙනෙකුට කෙතරම් දුක හිතෙනු ඇතිද? ඔවුන් දිවි දුන්නේ, ඔවුන් සිරුරු කොටස් අහිමි කර ගත්තේ මේ රටේ යන්නතමින් හෝ රැදී තිබෙන සාධාරණය, යුක්තිය, නීතිය ආදී අහිංසක මිනිසුන් ගේ අයිතිවාසිකම් රැකුමටය. යුද්ධය බංග වේවා! එය අපේත් පැතුමකි. එහෙත් යුද්ධය බංග කිරීමට අප බංග විය යුතුද?

2008-11-03
නිලන්ත පියසිරි විසින් 11:39 පැයට
වවමු වවමු කොස්
ආතර් වී දියෙස් උතුමා අපේ රටේ එකල පරසිඳු වී ඇත්තේ කොස් මාමා නමින්. භාවිත වසර වලින් 1886 පෙබරවාරි මස 11 වැනි දා උපන් මෙතුමා, හෙළදිව කොස්වලින් ස්වයං පෝෂිත කැරුමට අති සාර්ථක වගා සටනක් දියත් කළේය. එකල අගමැති ජෝන් කොතලාවල මැතිඳු ද තැපැල් සේවය හරහා කොස් ඇට සහ කොස් පැල නොමිළේ යැවීමට ඉඩ දීමෙන් ඔහුට සහය දැක්වීය. ජාතික ප්‍රබෝධය උදෙසා එතුමා විසින් "The Independant" සහ "ස්වදේශ මිත්‍රයා" නමින් පුවත් පත් දෙකක් ද ඇරඹීය. එතුමා ගේ දෙමව්පියන් විසින් කොළඹ විශාකා විදුහල අරඹන ලද බව එතරම් පරසිඳු කාරණයක් ද නොවේ. එසේම එතුමා අගමැති කමට තරඟ කොට ලැබූ පරාජය ද, හොඳ මිනිසෙකු නායකත්වයට ගැනීමට බොහෝ දෙනා තුල ඇති අකමැත්තද ප්‍රකට වන කරුණකි.
කෙසේ නමුදු බොහෝ කලකට පෙර කිරි අම්මා විසින් මගේ තාත්තා ගැන කියූ කරුණක් මතක් කරමි. තාත්තා කුඩා කල ඔහු ගේ පාසලේ ආතර් වී දියෙස් මහතා පිළිගැනුමට උත්සවයක් පවත්වා තිබේ. එහි "වවමු වවමු කොස්...." ආදී වශයෙන් ගීතයක් කියමින් කොස් පැල හෝ කොස් ගෙඩි ඔසවා පෙන්වමින් නැටුමක් පෙන්වීමට මේ කුඩා දරුවා තෝරා ගෙන තිබේ. ඉඳින් ඔහු ගෙදර අවුත් කිරි අම්මා සමඟ කියා ඇත්තේ "අම්මා, කොස් පැල උගුල්ලන එක පවක්. ඒවා පසුව මැරිලා යන්නත් පුළුවන් ඒ නිසා මම කොස් ගෙඩියක් ඔසවා ගෙන මේ නැටුම කරන්නම් නේද?"
කිරි අම්මා ද තම පුතු ගේ සිතුවිලි ගැන සතුටු වී "පුතාට කැමති විදියක්" යැයි කියා ඇත.
කොහොමින් මුත් කොස් මාමා පාසලට ඉහලින් ම පිළිගෙන ඔන්න අර උත්සවයත් ඇරඹුනා කියමුකෝ.
ඔන්න දැන් ළමයි නටනවා. "වවමු වවමු කොස්...." කියමින් බිම තියෙන කොස් පැල ඔසවා පෙන්වනවා.
අපේ තාත්තා ගෙනිහින් තියෙන්නේ ලොකු කොස් ගෙඩියක්. තාත්තා කොහොමද දන්නවද ගීතය කියන්නේ "වවමු වවමු. ම්හ්....ම්හ් ..... කො....ස්". කොස් ගෙඩිය බරයි නොවැ උස්සන්න තමයි තටමිල්ල.
අපේ කිරි අම්මා කියන කොට තමයි මේක ලස්සන. තාත්තා ගේ විතරක් නොවේ ඕනෑම අයෙකු ගේ කුඩා කාලයේ වැඩ ගොඩක් හිනා යන ඒව තමයි නොවෙද?

Subscribe to:
Posts (Atom)