2010-01-18
නිලන්ත පියසිරි විසින් 22:25 පැයට
0
සමානාත්මතාවය
නීතිය ඉදිරියේ අප සැවොම සමානයි ආදි වශයෙන් වූ කතාවක් වෙයි. නීතිය පමණක් නොවේ කිසිම දෙයක් ගැන මේ ලොව එසේ සමානව සලකන්නා වූ මිනිසුන් සිටීද? දියුණු රටවල නම් එසේ වේ යැයි යමෙක් පැවසීමට ඉඩ තිබේ. සමාජවාදය එලෙස දේශණා කළ බණක් යැයි ද යමෙක් කිව හැක. අද නීතිඥයෙක්, වෙදදුරෙක්, දෙස්පලුවෙක්, ඉහළ හමුදා නිළධාරියෙක් ආදී වශයෙන් වූ ලැයිස්තුවක් අනෙක් පුද්ගලයෙකුට වඩා සමාජයේ අසමාන ලෙස නොසැලකෙන්නේ නොවේද? දෙස්පලුවායි, බස්පලුවායි එකම ලෙස පොලිසියකදී සැලකුම් ලබන්නේද? බොහෝ අය රැකියාව අනුව ගැරහුම් ලබන්නේ නොවෙද? එක් ජනපති අපේක්‍ෂකයෙක් "කොම්පුටර් ඔපරේටර් කෙනෙක් තමයි, මේ තත්වයට පත්වෙලා තියෙන්නේ" ආදි වශයෙන් කී කතාවක් ඔබට මතක ඇති. ඒ නයින් ඔහු කියන්නේ පිරිගණන ක්‍රියාකරුවන් සමාජයේ පිළිගත යුතු කෙනකුද නැතිනම් ගණන් ගත යුතු නැති කෙනෙක් කියාද? මට නම් දැනෙන්නේ එය පිළිගත යුතු රැකියාවක් නොවන බවට කෙරෙන ඇඟවීමක් බවය. එනම් නිළධාරීවාදයයි. සමාජවාදය පුම්බන අය නිළධාරීවාදය ඔසවන්නේ යැයි ඔබට නොසිතෙන්නේද?
2010-01-17
නිලන්ත පියසිරි විසින් 22:11 පැයට
ගෝත්‍රවාදී වීම හොඳද? නරකද?
අප ගෝත්‍රවාදයේ හිනි පෙත්තට නගිනුයේ මැතිවරණ සමයේ යැයි මට සිතේ. මතයට එකඟ නොවන එකා නසා දැමීමට තරම් මෙය උග්‍ර වේ. නමුත් මෙලෙස මරා ගනුයේ හදිසියකදී උදව්-පදව් කරගන්න සිටින අසල් වැසියන් ය. දෙස්පලුවෝ අසනීප වූ ළමයා රෝහලට ගෙන යන්න උදව් කරන්න ට ලඟ පාත ඉන්නේ නොවේ. මා කලකට පෙර අසා සිටි සංවාදයක කියැවුනේ "අප, එනම් මේ දකුණු ආසියානු මිනිස්සු උග්‍ර ගෝත්‍රවාදියෝ" බවය. අපි සිංහල, දෙමළ ආදි ලෙස බෙදෙමු. බුදු දහම, ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම ලෙස බෙදෙමු. එජාප, ජවිපෙ, ශ්‍රිලනිප ලෙස බෙදෙමු. ගොවිගම, කරාවේ, දුරාවේ ලෙස බෙදෙමු. ඉගෙන ගත් විදුහල, සරසවිය අනුව බෙදෙමු. ඉදින් මෙලෙස බෙදීම හොදද? සාධාරණද? එහෙම නැතිද?
එසේ නම් අප මුලු පොලවට අයත් මිනිස්සු විය යුතුය, එසේ නැතිනම් අප මුලු සක්වලට අයත් මිනිසුන් විය යුතය. එසේ නොවේද? ඉහත සංවාදයේ කියැවුනු වදන තුලම ගෝත්‍රවාදය වේ. එනම් "දකුණු ආසියානු මිනිස්සු". සත්තු මිනිස්සු නිතරම කුලක ලෙස සිටීමට කැමැත්තෝය. එනයින් ගත් කල මනුසත්තුද තම කුලකයකට වැද ගන්න කැමැති වෙති. එසේ නොමැතිව සිටින්න කියා දහම් දෙසන බටහිරයෝ එලෙස නොවන්නේද? ඇමැරිකානුවෝ, ඉංගිරිසිකාරයෝ, ආදී වශයෙන් ඔවුන් හදුනා ගන්නේ ඇයි? රහත් ඵලයට පත් නොවූ සැවොම තම කුලකය ගැන සිතති. අප රටට, ජාතියට ආදරය කරන්නේ එබැවිනි, පක්ෂයකට මෙලෙස ලැදි වෙන්නේ එබැවිනි.

2010-01-13
නිලන්ත පියසිරි විසින් 09:42 පැයට
දුවනි ගේ ළදරු පාසල
පෙරේදා සිට දුවනි නැවත ළදරු පාසල් ගියාය. නැවත කීවේ මීට කලිනුත් ඇයව මාස හයක් පමණ පෙර පාසල් යවා නිතර නිතර අසනීප වීම නිසා නැවත් වූ බැවිනි. ඇය ඉපදුනේ පෙබරවාරී මස මුල නිසා පාසල් යාමට තව අවුරුදු දෙකක් ඉතිරිව තිබේ. එය කෙතරම් සාධාරණද අසාධාරණ ද යන්න ගැන මගේ මතයක් තිබේ. නමුත් එය අදාල නැත. ඇයව පෙර පාසල් යැවීමට ටික දිනකට ඉහත, පෙර පාසලට අවැසි බඩු ලැයිස්තුව ගෙන පොත් සාප්පුවකට වැදුනෙමි. සිල්ලටම රු. 3200/- ලදුපතක් සදහා ගෙවීම් කරන ලදි. පෙර පාසල් ලමයෙකු ගේ පොත් ලැයිස්තුවට මෙතරම් මුදලක් වැය වූයේ නම් සාමාන්‍ය පාසල් ලමයෙකු ගේ පොත් ලැයිස්තුවට කෙතරම් වැය වෙනවා ඇතිද? මේ දිනවල ඡන්දය නිසා තාප්ප වල වැසෙන වෛවර්ණ දැන්වීම් වලට කෙතරම් තීන්ත සහ කඩදාසී වැය වෙනවා ඇතිද? එය සමහරක් විට ලංකාවේ ම වසන පාසල් සිසුන් සඳහා පොත් සෑදීමට වැය කළත් ඒත් ඉතිරි වෙනවා ඇති. එහෙත් දැන්වීම අලවා, එදිනම ගලවා පාර අපවිත්‍ර කරන මිනිස්සු මේ ගැන නොසිතන්නේ ඇයි?
2010-01-08
නිලන්ත පියසිරි විසින් 10:00 පැයට
ජාතික හැදුනුම්පත
හඳුනාගැනීමේ පත හදන්න ගමේ නිළධාරිනී ට දීලා මාස හයක් ඉක්මවා ගොසින් ඇති බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට ගියෙමි.
"ඇයි, මහත්තය ට රියදුරු බලපත්‍රයක් එහෙම නැතිද?" ඇය විමසුවාය.
මම තිබෙන බව කීවෙමි.
"එහෙනම් ඡන්දය දාන්න බාදාවක් නැහැ නේද?" ඇය කීවාය.
"නැහැ, ඡන්දය දාන්න නෙමේ, මේ වෙනත් වැඩ වලටත් අඩුම ගානේ ඡායා පිටපතක් වත් දෙන්න මේ දීලා තියෙන කොල කෑල්ලෙන් බැහැනේ?" මම පිළිවදන් දුනෙමි.
ඇය හැඳුනුම් පත් දෙපාර්තමේන්තුව ට ගොස් විමසා බලන ලෙස කීවාය. එහිදී පිරිගණනයෙන් ලැබුනු පතක් ගෙන අදාල ලිපිකරු හමු වීමි. ඔහුට පොඩි හිසේ කැක්කුමක් ඇති බැවින් මඳක් පමා වෙන බව පැවසීය. ටික වේලාවකින් පැවසූයේ, තව සති දෙකකින් හෝ තුනකින් හැදුනුම් පත තැපෑලෙන් ලැබිය හැකි බවත් එසේ නොමැති නම් රු. 500/- ගෙවා එක් දින සේවාවෙන් ලබා ගැනීමට අයදුම් කරන ලෙසත් ය. හරක් කුවිතාන්සිය වගේ කිසිදු දෙයකට ඉදිරිපත් කළ නොහැකි කොල කැබැල්ලක් තබාගෙන සිටීමෙන් විඩාවට පත්ව සිටි මා හට එක් දින සේවාවට යාම හැර කළ හැකි කිසිවක් නොවීය.
මෙහි දී මට පැණ නැගුණු පැණය නම් රු. 500/- දිනකින් කළ හැකි දේ. අඩුම තරමේ මාස හයකින් වත් කළ නොහැක්කේ මන්ද යන්නයි. එක්කෝ අපේ රාජ්‍ය සේවයේ වැරැද්දක් ඇත, නැති නම් අපේ වැරැද්දක් ඇත.
එක් දින සේවාව කෙසේ වෙතත් අද 12 පසුව හැඳුනුම්පත ලබා ගැනීමට පැමිණෙන ලෙස හැන්දෑවේ 4 ට පමණ මා හට පැවසිණි.

2010-01-06
නිලන්ත පියසිරි විසින් 12:18 පැයට
දෙස් පලුවට දෙවිවරු සොයන මිනිස්සු
දේස පාලනය ට දඟලන අය දෙසයි මේ දින වල කාගෙත් ඇස් යොමුව. වංචා, දූෂණ, හොරකම් නැති ජනාධිපතිවරයෙකු පත් කරගන්න තමයි හැමෝගෙම පොදු අපේක්‍ෂාව. දැන් අපි බලමු කොහෙද ඔය කියන (අපේක්‍ෂා කරන) මිනිස්සු ඉන්නේ. කිසිම හොරකමක්, වංචාවක්, පංච දුෂ්චරිතය කිසි කලක කළ නැති කෙනෙක්. මෙලොවින් නම් හොයා ගන්න නැහැ. වංචා කරන මිනිස්සු, හොරකම් කරන මිනිස්සු හොයන්නේ එහෙම නොකරන ජනාධිපති වරයෙක්. කවදාවත් වංචාවක්, බොරුවක් නොකරපු ජනාධිපති කෙනෙකු ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක බිහි වෙලා තියෙනවද? ඉතිං ඉදිරියටත් එවැන්නෙක් බිහි වෙයි කියලා හිතනව ද?
2009-02-10
නිලන්ත පියසිරි විසින් 10:50 පැයට
සිංහල බොදු වීම
සිංහල හා බොදු වීම කෙතරම් පවක් ද? පුදුම බැණුම් ඇහුමක් නොවැ මේ දවස් වල බොහෝ බ්ලොග් පිටු වලට ගියොත් දකින්නට ලැබෙන්නේ. මාත් නොබැන්නොත් අඩුවක් වගේ.
මේ බොදුයි කියන එවුන් මදුරුවොත් මරණවා නොවැ. ඒ අස්සේ මස් කනවා, ඒ නිසා හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් නොවැ. බෞද්ධයෝ නම් උන් ඒ නමට හරියන විදිහට ඉන්න ඕනෑ. උන් ගේ එකම අරමුණ නිවන විය යුතුයි. වෙන මොනවද ඉතිං. රාජ්‍ය පාලනය ගැන මොන කතාද? හරිනම් ඉතිං බෞද්ධයෙකුට පෙරහැරකවත් යන්න බැහැ. පෙරහැරේ ගිහින් නිවන් දකින්න පුළුවන්ද? බැහැනේ? අනිත් එක මේ බොදුයි කියන කවුරුත් ගිහි වෙලා නම් නිවන් දකින්න හිතන්න එපා. ඉන්තේරුවෙන්ම භික්‍ෂු සාසනයට ඇතුළු වෙන්නම ඕනේ. අනිත් එක සිංහල කමයි, බොදු කමයි නම් කවදාවත් එකට යන දෙයක් නොවේ. ජාතියට ආදරය කරන්න කියන්න බැහැනේ ආදරය කියන බැදීමෙන් වෙන් නොවී. කරුණා කරලා බොදු නම් සිංහල ජාතිය අත හරින්න. ඒකට කෙළවෙච්ච දෙන්, කොහොම හරි නිවන් මඟට පිවිසෙන්න ඕනේ. අනිත් එක පුදුම කිසි ආගමක නැහැ නෙවැ මේ තරම් දුස්සීල පූජක වරු මොන දහමක වත් නැහැ නොවැ. ඒ නිසාම මා හිතන්නේ බොදු කමත් අත හරින්න ඕනෑ. අනේ අපොයි!
මේවට ඉතිං බැණලා ඉවරයක් කරන්න බැහැ.
මේවට ඉතිං බැණලා ඉවරයක් කරන්න බැහැ.
2009-02-06
නිලන්ත පියසිරි විසින් 09:13 පැයට
ලේන් පැංචා ගේ නංගි
නින්දට පෙර දුවනි හට පොතක් කීයවීම දැන් පුරුද්දක් වී ඇත. "අප්පච්චී, පොතක් කියන්න කෝ" ඇය ඇවිටිලි කරන්නීය. පසු ගිය දිනක කියවන ලද්දේ පූස් පැංචෙකු ගැන පොතකි. ඊයේ කියවන ලද්දේ ලේන් පැංචෙකු ගැන පොතකි. කතන්නදරයේ ඇරඹුමේ ලේන් පැංචෙකු, ලේන් අම්මෙකු සහ ලේන් තාත්තෙකු ගැන කියැවුනි. මදක් කල්පනාවේ නිග්මව සිටි ඈ "එතකොට අප්පච්චී කොහෙද ලේන් පැංචා ගේ නංගි?" යැයි විමසුවාය.
පසුව මා විසින් ඈ උදෙසා ගෙනා බොහෝ ළමා පොත් පිරික්සන ලදි. ඒ කිසිවෙක් හි සහෝදර/සහෝදරියක් ගැන නොකියැවිනි. ළමා කතා වල පවා මේ කුඩාවුන් ව තනි කොට තිබෙන බවක් මට සිතුනි. බෙදා හදා ගැනීම, අනුන් ගැන සිතීම, අනෙකා ගැන අනුකම්පාව, අනෙකා ගේ මතය ගැන කුඩා කාලයේ ම හැඟීමක් ලැබෙනුයේ සහෝදර සහෝදරියන් ගෙනි. කුඩා දරුවෙකුට සහෝදර සහෝදරියක් දිය නොහැකි නම් අඩුම තරමින් කතන්දර පොතකවත් එය සදහන් වේ නම් අපූරු යැයි මම සිතමි.

Subscribe to:
Posts (Atom)