2010-02-02
නිලන්ත පියසිරි විසින් 10:22 පැයට
2
මුද්දරය
අපේ අම්මලා (සොඳුරිය ගේ සහ මගේ) මේ මස දිනක දඹදිව චාරිකාවේ යෙදීමට යොදා ගෙන ඇත. එහි ගෙන යා යුතු බඩු මුට්ටු ලැයිස්තුවක් එම ආයතනය විසින් ලබා දුන් අතර එය සොඳුරි ගේ මවට යැවීමට ලියුම් කවරයක් සහ මුද්දරයක් රැගෙන එන මෙන් මා හට අණක් ලැබුණි. හැමෝම දැන් ඊ-ලිපි සහ වෙනත් සන්නිවේදන විධි භාවිතා කළාට ලඟකදී කාටවත් ලියුමක් යැව්වාද?
මගේ අප්පොච්චියේ, මේ මුද්දරයක් හොයා ගන්න තියෙන අමාරුවක්. ඊයේ හැන්දෑවේ 5 පමණ පටන් 6 පමණ වනතෙක් පොත්සැල් වල සිට කුඩාම කඩ දක්වා සියල්ලේම සෙවූ මුත් මුද්දරයක් නම් සොයා ගත නො හැකි විය. අඩුම තරමේ බොරැල්ලේ ප්‍රධාන තැපැල් හලේ පවා මුද්දර නොමැත. ඔවුන් කියන්නේ තැපැල් කළ යුතු ලියුම ගෙන ආවොත් යම් යන්තරයකට දමා මුද්‍රාවක් තබා යැවිය හැකි බවය. කෙසේ වෙතත් අවසානයේ යාළුවෙකු ගේ පසුම්බියේ තිබී මුද්දරයක් සොයා ගත හැකි විය. ඉස්සර අප කුඩා කාලයේ මුද්දර එකතු කිරීම මහත් ජනප්‍රිය විනෝදාංශයක් ව තිබුණි. දැන් නම් එවැන්නක් ගැන අසන්නට වත් නොලැබෙන්නේ මුද්දර නැති නිසා විය යුතුයි. ඇත්තෙන්ම ලියුම් කවරයට කෙලින්ම මුද්‍රා තැබීම නිසා ඒ ලස්සන මුද්දර වියැකී යාම හිතට යම් දුකක් ඇති කරයි.
(මුද්දර රූප අනුග්‍රහය CEYLON STAMPS නැමැති විබ හරහා ලබා ගතිමි)
(මුද්දර රූප අනුග්‍රහය CEYLON STAMPS නැමැති විබ හරහා ලබා ගතිමි)
2010-02-01
නිලන්ත පියසිරි විසින් 10:35 පැයට
පිරිගණන සහ මැතිවරණ
දැන් පාරේ තොටේ හැමතැන ම අළුත් ම කතා බහ පිරිගණන යොදා සිදු වූ මැතිවරණ හොරකම ක් ගැනය. මැතිවරණ වලදී පිරිගණන යෙදවෙන්නේ කොහොමද? ඇත්තෙන් ම පසු ගිය ජනාධිපතිවරණයට, අපේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය (මැතිවරණ දෙපාර්තමේන්තුව) විසින් තැපැල් චන්ද තෝරන්නට එවන්නට යෙදුනු සංයුක්ත තැටිය දුටුවා ද? මා නම් සිතන්නේ එය "නිදහස් මුදුකාංග" (Open source software) සමඟ තරහා අය විසින් සාදන ලද්දක් ලෙසයි. මට ජන්ද හිමි නාම ලේඛණයේ අදාල අංකය සොයා ගැන්මට මගේ ලිනුක්ස් පෙට්ටියේ තිබුණු දන්න හැම දෙයක් ම කළෙමි. pdf ගොනු කේතාංකනය කොට (encrypt) තිබුණි. පසුව ජනෙල් පෙට්ටියක් සොයා ගෙන යන්තම් තැපැල් චන්ද අයදුම්පත පිරවූවෙමි.
දැන් එතකොට මොකක්ද මේ කතාව. මේ කතාවේ උත්සහය තමයි තොරතුරු සහ සන්නිවේද සිල්පය නොදන්නා ලක්වැසියා අන්දමන්ද කිරීම. හොදයි, ඔබ කැමැති නැතිද චන්ද පොළට ගොස් ඇඟිලි සළකුන තබා තම කැමැත්ත පළ කරන්න? (ඇඟිලි නැති කෙනා ගැන පස්සේ හිතමු) මුළු ක්‍රමයම කාර්යක්‍ෂම කරන්න කැමැති නැතිද? අපේ රට ඒ වගේ තැනකට ගෙනෙන්න උවමනායි. නමුත් දැන් මේ වගේ කතාවයක් පැතුරුනහම මොකද වෙන්නේ. තොරතුරු තාක්ෂණය (සිප්ලකුව) ගැන හැමෝම සැක හිතනවා, එමඟින් හොරකම් කරන්න පුළුවන් කියා සිතනවා. කවදාවත් ම මේ තිබෙන අකාර්යක්‍ෂම ක්‍රියාවලිය බිඳ දමන්න බැරි වෙනවා.
තොරතුරු තාක්ෂණය (සිප්ලකුව) කියන්නේ චන්ද නාමලේඛණ වෙනුවට සංයුක්ත තැටි යොදා ගැනීම නොවේ නේද? අපට මෙයට වඩා ඉදිරියට යා හැකියි. ඒත් මේ ගැන නොදන්නා යොදා නොගත් පිරිගණන තාක්ෂණයක් (සිප්ලකුවක්) ගැන කතා කිරීම හරහා මිනිසුන් මෝඩයාට ඇන්ද වීමට වඩා ඉදිරියට එන්න තිබෙන ක්‍රමයක් මොට කිරීමක් සිදු වුන බවයි මගේ අදහස.
2010-01-29
නිලන්ත පියසිරි විසින් 23:25 පැයට
විද්දේ ගොනාට වැදුනේ හාවට
පසු ගිය කාලයේ, එක්තරා අපේක්‍ෂකයෙකු ගේ ලිංගික ජීවිතය පවා තුරුදැලේ පටන් කුඩා පොත් පිංචවල් දක්වා පල කෙරුණි. සමහරෙක් එය මඩ යැයි කියන කල්හී, එය එසේ නොවන බව කී අය ද සිටියහ. ඇත්තෙන් ම මිනිසෙකු ගේ ලිංගික ජීවිතය සහ රුචි අරුචි කම් ඔහු ගේ දෙස්පලු කිරියාවට බලපානු ලබත් ද? නමුත් මගේ මේ සටහන ඒ පිළිබඳව නොවේ. එලෙස මෙම අපේක්‍ෂකයා ගේ ගැහැණු ලැයිස්තුව නම් ගම් පවා හෙලිකරමින් පරසිඳු විය. එහි නම් සඳහන් කිහිප දෙනෙකු හැරෙන්නට බොහෝ දෙනා අවිවාහක වෙත්. මෙලෙස නම් සඳහන් වුනු එක් කතක ගේ පුතු පාසල් යාම පිළිකෙව් කරයි. ඒ පාසලේ ළමුන් ගෙන් වන අවමාන නිසාය. අවමන් කිරීමට උත්සහ කළේ කා හටද, එහෙත් ජීවිත කාලයටම විදවන්නේ කවුරුද?
2010-01-28
නිලන්ත පියසිරි විසින් 23:56 පැයට
අහෝ, මට අතුරුජාතිකයෙකු විය නොහැකි විය.
ජාතික බලවේග සහ විජාතික බලවේග ගැන නිතර කියැවේ. එහෙත් මේ දෙපැත්තට නොමැති කොටසක් ද වේ. එය අන්තර්ජාතික බලවේග හෙවත් අතුරුජාතික බලවේග ලෙස හැදින්විය හැක. විජාතික බලවේග සහ අතුරුජාතික බලවේග අතර ඇති වෙනස කිම? විජාතික බලවේග යනු අපේ රට ජාතියට අයත් නොවන අන් ජාතික බලවේගයි. අතුරුජාතික බලවේග යනු නාමිකව අපේ රට ජාතියට අයත් ව එහෙත් අන් ජාතිකයන් වන්න ට තැත් කරනවාක් මෙන්ම අනෙකුන්වත් එසේ කරන්නට තැත් කරන කොටසකි.
දැන් මොවුන් කියන්නේ අපේ මිනිස්සු ගේ තවමත් 12 වන සියවසෙහි වූ ජාන ඇති බැවින් මුන්ව ඉන් මුදවාලිය නොහැකි බවය. තවමත් ලාංකිකයන් සොයනුයේ වන්දිභට්ට කම් කිරීමට රජෙකුම බැවින් මොවුන් සිංහලෙන් ලියන විබ ද අතහැර දුවන්නෝය. ඔවුන ගේ අන්තර්ජාතික මොළය අනුව අපට ඡන්දයක් දෙන්න තවම තේරෙන්නේ නැත. ඔවුනට අනුව අපට අපේ හෙළ සාර ධර්ම තිබිය නොහැක, මක් නිසාද යත් එයින් අප ජාතිවාදීන් වන බැවිනි. අපට බුදු දහම පිළිපැදිය නොහැක, අප ආගම්වාදීන් වන බැවිනි. අප තර්කාන්විත බුද්ධියක් නැති බැවින් (උන් ගේ වචනය rational mind) ඉංගිරිසි කාරයෝ ඇවිත් මේ ඡන්ද ක්‍රමය නැවත අපෙන් උදුරාගෙන යා යුතුය. දියුණු, සංවර්ධිත, පළමුවෙනි ලෝකයේ සුද්දන් විදිහට කල්පනා නොකරන අපට අඩුම තරමේ තුරුදැළ (අන්තර්ජාලය) භාවිතා කිරීමත් තහනම් කළ යුතු වේ. මේ අන්තර්ජාතිකයන්ට අනුව අපව 12 වන සියවසට තල්ලු කර දමා බටහිර විදුවෙන් සොයා ගත් සියළු දේ අහිමි කළ යුතුය.
අපව අන්තර්ජාතික බණ කියා වෙනස් කරන්නට තැත් කොට දුවන අයටත් , තව දුරටත් උත්සහ ගන්නා අයටත් කිව යුතු දෙයක් තිබේ. නිපැයුම්, සොයාගැනීම්, ප්‍රමේයන්, මතවාද, කල්පිත සියල්ලේ අයිතිය තොප ගනුව මුත් එය අප භාවිතා කරන්නේ අපට ඕනෑ විදිහටයි. සුද්දෝ පාන් sandwich හැදුවාට අපත් එයම කෑ යුතු නැහැ. අපට එය පරිප්පු හොද්දේ තවරාගෙන කන්න අයිතිය තිබේ. සුද්දෝ අර්තාපල් තම්බාල පොඩිකරලා කෑවට අප එලෙසම කෑ යුතු නැහැ. එය තෙල් දාල කන්න, මෙන්ම හොදි හදලා කන්න අපට අයිතියක් තිබේ. අපි තොපට පාන් පරිප්පුත් එක්ක පොඟවාගෙන කන්න නොකියන්නේ ත් ඒ නිසාමයි. එබැවින් ඡන්ද ක්‍රමය තොපේ වුවත් එය භාවිතා කොට අප බිහි කරන්නේ රජෙක්ද යකෙක් ද කියන එක තොපට වැදගත් නැත.
2010-01-27
නිලන්ත පියසිරි විසින් 21:48 පැයට
පරාජය
අන්තිමට නාමල් උඩලමත්ත ගේ කසාපබ්බත හි වූ "මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න" ලිපිය සැබෑ විය. නිර්පාක්‍ෂිකයෝ පරාජය පිළිගැනීමට අකැමැති වෙති. පැණය මෙයයි, මෙවර ඉදිරිපත් වූ නිර්පාක්‍ෂිකයෝ මෙන්ම පසුගිය මැතිවරණ වලදී පරාද වූ කිසිම පාක්‍ෂිකයෙකු "අපි පරාජය පිළිගනිමු"යි නොකීහ. මොවුහු කුඩා කාලයේ දී චක් ගුඩුවත් ගසා පරාද වී නොමැත්තෝය. එජාප යට ඉන්තේරුවෙන්ම ලක්ෂ 40 ක ජන්ද පදනමක් ඇතැයි කියති. ජවිපෙට අඩුම තරමේ ලක්ෂ 3 ක වත් පදනමක් ඇතැයි අනුමාන කළහොත් අනෙකුත් පක්ෂ අතහැර වුවද ලක්ෂ 43 ක් අපේ ගාර්දිහේවා උන්නැහේ ලබා ගත යුතුමය. එහෙත් මා දුටු අයුරින් එය ලක්ෂ 41 අතහැර නොගියේය. ජය කෙසේ වෙතත් අඩුම තරමේ ලක්ෂ 45ක් වත් නිර්පාක්ෂිකයෝ නොගත්තේ ඇයි?
Beyond Frame නම් බ්ලොග් අඩවිය කියන්නේ, "මේ රටේ ඉන්න වන්දිභට්ටයෝ නිසා මුන්ව හදන්න බැහැ ඒ නිසා මා මින් පසු නිහඩ වෙනවා" කියලයි. අර "සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects" අඩවියේ නම් කියන්නේ මෙරට සිටින නිවට ඡන්දදායකයා පිළිබඳව නොදැනීම ගැන ඔහු කණගාටු වෙන බවය. මේ දෙදෙනා ම කෙස් පැලෙන තර්ක හා විතර්ක ඉදිරිපත් කරමින් අපේ රටේ මිනිස්සු රජුන්ට වන්දිභට්ට කිරීමට උපන් අය නිසා මෙලෙස මහ රජා දිනෙව්වා වැනි යමක් කීමට උත්සහ කරනු පෙනේ. ඔවුන් ගේ ඇත්තේ අන්තර්ජාතික දැනුම නිසා ඒ පිළිබදව වදනක් දෙඩීම පවා ප්‍රයෛමේටාවන් ගේ සිට මහා පිපිරීම දක්වා වූ නොයෙකුත් න්‍යායන් සහ ප්‍රමේයයන් වලින් දමා ගැසීමට ඉඩ සැලසෙනවා ඇත. එහෙත් සාමාන්‍ය සමාජය ඇසුරු කොට දැනුමක් එකතු කොට ගෙන සිටින මට නම් හිතෙන්නේ මේ ඡන්ද හෝදාපාලුවට හේතු වූයේ කාන්තා ඡන්ද පදනම බවයි. පැයකින් අරූ හිරේ දානවා, අරූ, මූ, කලවැද්දා, පාහරයා, මනස නිරවුල් වෙන්න පොඩ්ඩක් මද්‍යසාරය ටිකක් ගන්න ඕනේ.... ආදී වශයෙන් වූ කතා පිරිමින් ගේ ප්‍රමෝදය ට හේතු වුවත් කාන්තාවන් එයින් සසල වෙන හැටි මම ගෙදර දොරදී පවා අත්දැක්කෙමි. ඇත්තෙන්ම ගාර්දිහේවා ලාල් ගේ පස්සේ ගිය බොහෝ අය වැපුරුවේ තරහව ම පමණයි. ජවිපේ වෙබ් අඩවියක් වූ (පසුව එජාප වූ) www.lankatruth.com හී වු අදහස් දැක්වීම් (comments) වල වූයේ නපුරම පමණකි. beyond frame කිසි දිනක විබ (web) හරහා සතුට බෙදා හැර නොමැත. එහි වූයේ කේන්තියෙන් දෙස් දෙවොල් තබන අනාත වූවෙකි. මම ජෙනරාල් ෆොන්සේකා ගේ පරාජයෙන් සතුටු නොවෙමි, මක් නිසාද යත් මහින්ද රාජපක්‍ෂ මෙන්ම රට අද ස්ථාවරයක වේද එතැනට ගෙන ඒමට ඔහු ද කැප වූයේය, ක්‍රියා කළේය. එහෙත් මම නපුර, තරහා, කේන්තිය, වෛරය පරාජය වීම ගැන ඉමහත් සේ සතුටුවෙමි.

2010-01-20
නිලන්ත පියසිරි විසින් 23:48 පැයට
කරෙන් බැහැපු සොල්දාදුවා
ත්‍රස්තවාදය මඩින සමයේ, බෝධිසත්ව ගුණෝපේත සමාජවාදීන් හා සියළු කෙළෙසුන් කෙරෙන් දුරුවූ රාජ්‍ය නොවන සංවිධාන හැරෙන්නට හමුදාවන්ට හා සෙබළුන්ට බැණ වැදුනේ කොටින් පමණකි. අටවසර සමත් සොල්දාදුවා, කිසි තැනකට වැද්දා ගත නොහැකි, නූගත් ජන කොටසක් ලෙස මුළු මහත් සමාජයෙන් ම කොන් කර තිබියදී ජනමාධ්‍ය යොදාගෙන සමාජය පිළිගන්නා වීරයෙකු කළේ මේ රජය බව රාජ්‍ය විරෝධීන් පවා පිළි ගනී යැයි මම සිතමි. සොල්දාදුවා වීරයෙකු ලෙස පිළි ගැනීම සහ තම ජීවිතය සූදුවට තබා ලබා ගන්නා වැටුප කෙරෙහි කෙතරම් අපුලකින් බලා සිටි මිනිසුන් ලංකාව තුල වූයේද යන්න මම පසුගිය බ්ලොග් කිහිපයක දුටුවෙමි. එම බ්ලොග්කරුවන් කවදත් ලංකාව සුරපුරයක් කරන්නට, කොටින්‍ට රට දෙමු යන මතයේ සිටියවුන් නිසා, ඒ තරම් ම නොසිතිය යුතු මුත් අපේ ජෙනරාල් තුමාගේ ඡන්ද සම්ප්‍රාප්තිය නිසා නම් නැවත සොල්දාදුවා කුණු බක්කියට ඇද දැමීමේ ප්‍රවනතාවයක් ඇතිවී ඇති බව සැමෝටම පෙනේ. පසු ගිල කලක වූ බ්ලොග් අඩවියක "සොල්දාදුවා දැන්වත් කරෙන් බැහැපිය" මැයින් වූ ලිපිය මෙයට කදිම නිදසුනකි. සොල්දාදුවා කරෙන් බස්සන්න කියන මොවුන් ඔවුන් එතැනට නැංවූයේ කවුරුදැයි, නොකියති.
කිසිදු බියක් සැකක් නැතිව ලංකාව තුල සංසරණයට අද ඉඩ තිබෙන්නේ වායු සමීකරණ කාමරයේ සිට වුවද ජනාධිපතිතුමන් වෙනත් රටවලින් එන බලපෑම් මැඩපවත්වමින් ත්‍රස්ත මර්ධනයට වායු සමීකරණය කළ කාමරයේ වූ ගෝඨාභය ට සහ වායු සමීකරණය කළ කාමරයේ සිටි සරත් ෆොන්සේකාට ඉඩ දීම නිසයි. සරත් කියන්නේ මේ යුද්දේ දිනුවේ ඔහු බවයි. රජය කියන්නේ ජනාධිපති විසින් යුද්ධය දිනූ බවයි. මෙය ඇත්තද? යුද්ධය දිනුවේ, ජනාධිපතිද? නැහැ, ඔහු විසින් හමුදාපතිට අණ දුන්නා යුද්ධය කරන ලෙසට. එසේ නම් යුද්ධය දිනුවේ එවකට හමුදාපති සරත් ෆොන්සේකාද? ඒත් නැහැ, ඔහු විසින් අණ දුන්නා සේනාංකාධිපතිවරුන්ට. එසේ නම් එය දිනන්න ඇත්තේ සේනාංකාධිපති වරු වෙන්න ඇති. ඒත් නැහැ ඔවුන් විසින් ඒකක, බලඝණ, ඛණ්ඩ ආදී වශයෙන් සෙබළුන්ට අණ දුන්නා යුද්ධ කරන ලෙසට . එකා පිට එකා මැරෙමින් මේ යුද්ධය දිනුවේ ඔවුන් ය. සමහර විටක දින ගණන් කුසට අහරක් නැතිව, බූට් යුවල් තුල කකුල් තැම්බී කුණු වී වේදනා විදිමින්, වැස්සට තෙමෙමින්, සතුරු වෙඩි පහරක් ගණනේ කඳ පොළොවේ ගසමින්, තම දූ දරුවන්, සොඳුරිය ඇකයට ගත නොහැකි සොවෙන් වෙලෙමින්, සතුරු බිමේ තුවාල ලබා දින ගණනක් ලේ ගොස් මියෙන තෙක්ම තම අනාගතය ගැන තැවෙමින්, මිය ගිය තුවාල වුනු, වාසනාවට හා දක්ෂකමට තවමත් ජීවත්වෙන ඒ සොල්දාදුවාටයි මේ ජය අයිති. ඉක්මනින් ත්‍රස්තවාදය නිමවා මේ සමාජය සතුටින් ඉන්න සැටි බලන්න ගෙදර එන්න කැසකැවූ ඒ සෙබළාටයි මේ ජය අයිති. එහෙත් දැන් මේ සමාජයම "ඒයි සොල්දාදුවා දැන්වත් කරෙන් බැහැපිය" කියයි.

2010-01-19
නිලන්ත පියසිරි විසින් 22:07 පැයට
ආදර සොදුරිය
සරණ යන්නට පෙර පෙමෙන් බැඳුන කාලයේ තම සොඳුරිය ගැන කෙතරම් සිහින මවනවාද? ඇය හා ජීවත් වන හැටි ගැන කෙතරම් සැලසුම් සදනවාද? ඒ සියල්ලම සැපිරෙනවාද? බොහෝ විවාහක අය නැතැයි කියනු ඇත. ඇත්තෙන් ම ජීවිතයේ සෑම සිහිනයක් ම එපරිද්දෙන් ම නොසපිරෙන බැවින් එය ද එසේ ම විය යුතුය. එහෙත් මා නම් සිතන්නේ සරණ යන්නට පෙර තිබූ ආදරයට වඩා ආදරයක් තම බිරිඳ ගැන විවාහයන් පසු සිදු වන බවයි. එසේ ආදරයක් නොසිතෙන්නේ නම් ඒ ඈ ගැන නොසිතන නිසයි. උදයේ අවදි වූ වේලාවේ ලැබෙන තේ කෝප්පයේ පටන්, රැයේ නින්දට යන කල ලැබෙන පොරෝනය දක්වා ඇගෙන් ලැබෙන්නේ ආදරය හැර වෙන කිසිවක් නොවේ. පිරිම් අප කෙතරම් ඇයට උදව් කළත් ඇයගෙන් තොර පවුලක් ගැන සිතිය හැකිද? උදයේ රැයින් නැඟිට කෑම පිළිවෙල කොට, දූ වරුන් පුබුදුවා, සෝදා පිරිසිඳු කොට, ඇඳුම් අන්දවා, කෑම කවා, සැමියාට කෑම පිළිවෙල කොට, රැකියාවට ගෙන යාම සඳහා කෑම සකසා ඇයද රැකියාව සඳහා පිටත් ව යන්නීය. සැදෑවේ, තම සැමියා ට පළමුව නිවසට සේන්දුව, නැවත කෑම පිළිවෙල කොට, දරුවන්ට කවා, ඔවුන්ව නින්දට යන තෙක් නොව තම සැමියාද නිදියහනට යන තෙක්ම ඇය කිසිඳු ඉසඹුවක් ලබන්නේ නොවේ. ඇය මහන්සිය නොහදුන්නී මෙන් රැයේ තුරුළුව මෙසේ අසන්නීය.
"ඔයා ඉස්සර වගේ ම මට ආදරෙයි ද?"
"නැහැ" මම පිළිවදන් දෙමි.
"ඇයි ඒ?" ඇය වික්ෂිප්තව හිස ඔසවා මා දෙඇස් දෙස බලන්නීය.
"ඉස්සරට වඩා ආදරෙයි"
"ඔයා ඉස්සර වගේ ම මට ආදරෙයි ද?"
"නැහැ" මම පිළිවදන් දෙමි.
"ඇයි ඒ?" ඇය වික්ෂිප්තව හිස ඔසවා මා දෙඇස් දෙස බලන්නීය.
"ඉස්සරට වඩා ආදරෙයි"
Subscribe to:
Posts (Atom)