2008-07-15

නිලන්ත පියසිරි විසින් 11:12 පැයට
2

දුවණිය බේරා ගැනීම

තෙලි දසුනය අපට කෙරෙන බලපෑම ගැන අනේකුත් ලිපි අනේකුත් මාධ්‍යයන්ගේ පලව ඇත. එය නොබලා සිටීමෙන් හැර එය වැඩිහිටියන් වන අපගේ සිතුවිලි වලට පවා කරන බලපෑමෙන් මිදිය නොහැක. එ නයින් ගත් කල කුඩා දරුවන්ට එය කෙරෙන බලපෑම කෙතෙක් වනු ඇතිද? මා සිටින කුඩා මහල් නිවසේ, දිවා කල දුවණිය හා රැදෙන්නේ මා පිය සොඳුරියගේ අම්මාය. ආදරය රැකවරණය අතින් ඈ අති සුරක්ෂිතය. අම්මා දිවා රැයේ දියණිය සමඟ සිටීම හැරුනු කොට කැරමට කිසිදු කාරියක් ගෙදර නැති හෙයින් තෙලි දසුන දෙස බලා හිදී. මගේ කුඩා දියණියද ඒ සමඟ වෙයි. එතුලින් ගලන කුණු කිසිදු පෙරීමකින් තොරව ඇගේ කුඩා මොලය ආක්‍රමණය කරනු ඇත. අම්මාට මේ මෝඩ පෙට්ටියෙන් මිදෙන්නට උපදෙස් දුනහොත් ඇය කුමක් කරන්නද? තවද කෙතරම් දුරට ඇගේ සිත රිදෙනු ඇතිද? එසේම මා වත් නොබලන මේ නරක ගුහාවෙන් ගලන නරකාදියෙන් මගේ දුව බේරා ගන්නේ කෙසේද? අපි දියණුව නමින් කුමණ තැනක සිටින්නෙමුද?

2 අදහස් දැක්වීම්:

ච.ගු said...

දයාබර සොයුර, මමදු මේ ප්‍රශ්නයෙන් බොහෝ පෙලුනෙමි. මගෙ තෙහැවිරිදි පුතු මෝඩ පෙටිටියට යොමු වේ දෝ කියා. මගෙත් මව සහ පියා දරුවා රැක බලා ගන්නෙ - අප රැකියාවට ගිය අතර.
මමදු මෝඩ පෙටිටිය නිවා දැමීමට බල නොකලේ එය සිත් රිදුවීම් වලට තුඩු දිය හැකි නිසාවෙන්.
කෙසේ නමුදු දැන් විසදුම වූයේ රූපවාහිනී නාලිකාව හැර අන් සියලුම නාලිකා දුරස්ථ පාලකයෙන් තාවකාලිකව ඉවත් කිරීමයි. රූපවාහිනී නාලිකාවෙන් තරමක් හෝ දුරට නුසුදුසු දෑ අඩු බැවිනි.
එසේම මපුතු දැන් පෙර පාසැල් යන නිසා තරමක් දුරට ගැටලුව ලිහිල් වී ඇත.

Anonymous said...

රූපවාහිනිය පටන් ගත් මුල් අවදියේදී, මේ ගැටලු එතරම්‍ තර්ජනයක් නොවින. නමුත් දැන්!

සමහර විට අපේ ළමුනට ඕවා එපා වී යයි කියල හිතල සැනසෙන්න වෙයි. වෙන කරන්න දෙයක් නෑ. ඔවුන්‍ට හරි වැරදි කියා දීම උනන්දුවෙන් කල යුතුයි. මෙයයි එකම විසඳුම.