2008-07-11

නිලන්ත පියසිරි විසින් 15:19 පැයට
3

කොමා වලින් වෙන් වූ ගොනුවක් mysql දත්ත සමුදායකට ඇතුල් කිරීම

අප ආයතනයේ තෙලිබහුන අංක ඇතුලතජාලයෙන් (intranet - යන්නට නියම වචනයද නොදනිමි.) ලබාගැන්මට කුඩා අතුරුමුහුණතක් සදාගැන්මේදී xls ගොනුවක තිබූ තෙලිබහුන අංක රැස mysql දත්ත සමුදායකට ගැන්මට උවමනා විය. මුලින්ම එය cvs හෙවත් කොමා වලින් වෙන් වූ ගොනුවක් ලෙස සුරකින ලදි. උත්සහයන් කිහිපයක් වැරදුනු පසු සාර්ථක කුඩා php ක්‍රමලේඛයක් සාදා ගතිමි. එය මෙසේය.

include ("incl/sql_connect.incl");

$row = 1;
$handle = fopen("teleno.csv", "r");
while (($data = fgetcsv($handle, 1000, ",")) !== FALSE) {
$num = count($data);
echo "

$num fields in line $row:

\n";
$row++;

$sql="INSERT INTO `telephone` (`field1` , field2 , `field3` , `field4`) VALUES ('$data[0]','$data[1]','$data[2]','$data[3]')"; //use %d if the values are numbers instead of a string/text
mysql_query($sql)||die("Insert error: ".mysql_error());
echo "inserted";

}
fclose($handle);

?>
PHP නිල වෙබය මෙහිදී අති මහත් ප්‍රයෝජනයක් විය.

3 අදහස් දැක්වීම්:

Leo Sadeepa said...

හොද වැඩක් ... බොහෝ දෙනා කරන්නේ මෙය කරන්න පුලුවන් tool එකක් හොයන එකයි ... ඔබ තමන්ගේම tool එකක් හදගෙන නොනැවතී එය අනිත් අය එක්ක බෙදාගෙන !! කොතරම් අපූරුද ?

කොහොම වුනත් මේ වගේ දේ කරන්න පුලුවන් tool තියෙනවා .. උදාහරණයක් වශයෙන් Apatar සමාගම හදලා ඇති open source data integration tool එක මගින් මෙම කාර්‍යය සරලවම කරන්න හැකියාව තියනවා..

fossurgeon said...

intra= within, into
එනිසා
තුලු ඇතුලු ලෙස ගත්තොත්
තුලුදැල = intranet වියහැකි!

තුරුදැල = internet

අනුරාධ රත්නවීර මහතා ගෙන් අහල බලමු.

ශාකුන්තල | Shaakunthala said...

එළ! මේක මටත් මාර උදව්වක් වුණා. :D