2010-03-23

නිලන්ත පියසිරි විසින් 17:47 පැයට
4

පිරිමියෙක්ද?

දින කිහිපයක්ම මා මේ මනුස්සයා දැක්කා. කොණ්ඩේ කෙලින් කොට තඹ පැහැ ගන්වා,  අතේ සහ පයේ නිය රත් පැහැ කොට, තොල් සායම් කොට අතේ පච්චා කොටා ලාලිත්‍යයෙන් ඇවිදින පිරිමියෙක්. පිරිමියෙක් කීවේ වෙසෙසින් ම රැවුල වැවී ඇති බැවින්ය. මෙලෙස ද්විලිංගික හෝ ලිංගු භේදයක් නැති මනුස්සයෝ සිටිය හැකිද? මොවුන් සමාජ විකෘතීන්ද නැතිනම් සොබා දහමේ විකෘතීන්ද?

මෙම පුද්ගලයා ඇවිද යන මඟේ  ම, මා ද  මද දුරක් බසය සඳහා ඇවිද යා යුතුය. එබැවින් ඔහු දෙස බලා අවඥාවට හිනාවෙන පාසල් ළමුන්, තරුණයන් මම දකිමි. ඔහු ගේ මේ ද්විලිංගික පෙනුම මානසික විකෘතියෙක් නම් එළෙස ගර්භාවට ලක් විය යුතුද? මේ මනුස්සයා කුමණ හෝ ලිංගයක් වෙත නැවත තල්ලු කළ නොහැකිද?

ඉංගිරිසියෙන් Hermaphrodite යැයි කියැවෙන්නේ වර්ගය බෝ කිරීම සඳහා ලිංගයන් දෙකම පිහිටීම වේ. ඔය නම ඇවිත් තියෙන්නේ ග්‍රීක මිත්‍යා කථා වල Hermaphroditus නම් සුළු දෙවියෙකු ගේ නමින් නොවැ. ඒකත් අපූරු කථාව.

ඇප්‍රොඩිට් සහ හර්මිස්ට දාව ඉපැදුන මේ දරුවා ඔවුන් ගේ නමින් හර්මාප්‍රොඩිටස් නමින් නම් කෙරුවා ලු. පහලොස් වියේදී කඩවසම් බවට පත් වූ මේ කොළුවා හදා වඩා ගෙන ඇත්තේ ද සුරංගනාවියක් විසින්. ඔන්න ඔය කාලේ දී ඒකාකාරී ජීවිතය ගැන එපා වුන කොල්ලා එහෙ මෙහෙ ඇවිදින්න පටන් අරගෙන තියෙනවා. ඔහොම යද්දී එක්තරා පොකුණකට අරක් ගත්ත සුරංගනාවියක් (අපේ කතා වල තමයි පොකුණු/විල් වලට යක්කු අරක් ගෙන තියෙන්නේ) හමු වෙලා තියෙනවා. ඉතිං මේ සුරංගනාවිට මේ කොලුවා ගැන අදහසක් පහල වෙලා ඔහුව පොළඹවා ගන්න උත්සහ කළත් ඔහු එයට කැමති වී නැහැ.  පසුව  මේ සුරංගනාවී ගියා යැයි සිතා, හර්මාප්‍රොඩිටස් ඇඳුම් උනා දමා පොකුණට බැස්සා. එහෙත් ගස් වලට මුවා වී සිටි අර සුරංගනාවි එක්වරම පසුපසින් පොකුණට පැණ හර්මාප්‍රොඩිටස්ව බලෙන්ම සිප වැලද ගත්තේ ලු. ඔහු ඇයගෙන් ගැලැවීම ට දඟලන කල සුරංගනාවී ඔවුන් ව වෙන් නොකරන ලෙස දෙවියන් ගෙන් ඉල්ලීමක් කළේ ලු. අපොයි ඉල්ලීම ඉටු විය. ඔවුන් ගේ ශරීර එකතු වී ගැහැණු පිරිමියෙක් ඇතිවිය. ලජ්ජාවට පත් හර්මාප්‍රොඩිටස්, එම පොකුණට බසින හැමෝම එලෙස විය යුතු යැයි ශාපයක් කළේලු.

ඔහොමයි ග්‍රීක කතාව.  එතකොට අර මනුස්සයත් ඔය පොකුණට බැස්ස කෙනෙක් ද නැති නම් වැටුන කෙනෙක් ද? 

4 අදහස් දැක්වීම්:

සංජු said...

ලංකාවේ ඔය පොකුනෙන් නාපු ගැහැණූ පිරිමි ගොඩක් ඉන්නවා.. පාරට බැස්සොත් ඕන තරම් හොයා ගන්න පුළුවන්...

හා පැටික්කි (MS) said...

මෙහෙමයි ඕක ඇත්තටම එහෙමනම්, එයාට කාන්තා ලක්ෂන තියෙනවනම් ඒක වර්නදේහ විකුර්තියක් නිසා ඇති වන ත්ත්වයක්. හදුන්වන්නෙ Klinfelter Syndrome කියල.
ඒ අය ප්‍රාතමිකව පුරුෂ ලක්ෂන පෙන්නුවත් ද්විතිකව ස්ත්‍රී ලක්ෂන වැඩි පුර පෙන්නනව. ඔය හින්දි ෆිල්ම් වල ඉන්නෙ.ඒ අයට ඒ ගැන කරන්න දෙයක් නෑ ඒ තත්වෙට මූනදෙනව මිසක්.

Anonymous said...

shimail sex දැකලා නැද්ද

Anonymous said...

මං හිතන්නෙ shemale

http://en.wikipedia.org/wiki/Shemale