2008-07-03
නිලන්ත පියසිරි විසින් 10:09 පැයට
3
මග දිගට ලතැවෙන අපි
මම නම් හිතන්නේ ලඞ්කාවේ අපි හදන්න ගන්න ඕනේ මෝටර රිය නොවේ, පා පැදි. අපි අද බොහෝ දෙනා බස් රිය වල පැය ගණන් නාස්ති කොට ගමන් කරනුයේ රු.7/- නැතහොත් රු.10/- දුරකි. මෙය සාමාන්‍යයෙන් විනාඩි 10-15 පමණ පා පැදි ගමනෙකි. එහෙත් අප කොපමණ වේලාවක් හන්දි ගානේ, මං මාවත් දිගේ රුදුරු මුහුණු දාගෙන බස් ඇතුලට වෙලා බකං නිලාගෙන ඉන්නව ද? ඔය අතරතුර බලාපොරොත්තු ගොඩට එකතු වෙන්නේ, මෝටර රිය, යතුරු පැදි, ති රෝද රිය ආදියයි. කාගෙවත් සිහින ගොන්නට පා පැදියක් එකතු වන්නේ යැයි මම නම් නො සිතමි. අපේ පාරවල කුඩා තීරුවක් අවැසි නම් පා පැදි වලට වෙන් කළ හැකියි. ලාබෙට පා පැදි දීලා තවත් අවැසි නම් රජයට පුළුවන් මේ වැඩේට උල්පන්දන් දෙන්නත් පුළුවන්. එවිට ඉන්ධන වියදමත් පහත දමන්න පුළුවන් වේවි. අපි අල්ල ගෙන ඉන්නේ මැද්දෙන් නේද? පලමුව කෙලවරක් අල්ලා ගන්න ඕනේ මේ ලණුව ඔතන්න.
2008-07-02
නිලන්ත පියසිරි විසින් 10:15 පැයට
උදයේ දුටු කලුන
අඟනුන් ගේ රූපය වැනීම් නම් බොහෝමය. කවියේ පටන් එකී නොකී සෑම තැනම අඟන රූපය වනති. අදීන තෙලිදසුනෙහිද කතක් නොමැති වෙළඳ දැන්වීමක් නොමැති තරම්ය. අද උදයේ මා රැකියාවට එන ගමනේ දුටු කත ගේ විලාසිතාවට අනුව නොපෙනුනේ රහසඟ පමණෙකි. පුහුදුන් අපගේ නෙත් එදෙස නොයැවෙන්නේ නම් අඩුවෙකි. නමුත් එවැනි අවස්ථාවන්හිදී මා වෙසසින් බලන්නේ අවට සිටින පිරිමින්ගේ මුහුණු දෙසය. ඔවුන ගේ දෑස මහත් වී, කට අය වී බලන අයුරු දැකීම මට සොබාවික සතුටක් ගෙන දෙයි.
සටහන :- කලුන් රත් අත් තඹරට (කව්සිළුමිණ)
කලුන් - කාන්තාවන්
සටහන :- කලුන් රත් අත් තඹරට (කව්සිළුමිණ)
කලුන් - කාන්තාවන්
2008-07-01
නිලන්ත පියසිරි විසින් 12:41 පැයට
මා පිය සොදුර ගේ උපන් දිනය
ඊයේ මා පිය සොඳුර ගේ උපන් දිනය. ඈ තුටු කිරීමට කළ හැක්කේ කුමක්ද යන්න දින කිහිපයක පටන් නිති මා කල්පනාවට ආ දෙයකි. මෙ කල අප සියල්ලෝම හැදියාවෙන් මං මුලා වූවන් බැවින් කළ යුතු දේ ගැන නිතරම සැක සහිතය. උදාහරණයකට මෙ කල විවාහ මඟුලකට කෙතරම් මුදල් වැය වේ ද? මා සිතන අයුරින් නම් ඒ මෙසේය. ඉංගිරිසි කාරයා ගේ විවාහ උත්සවයේ කරන සෑම දෙයමත් සිංහලයා ගේ විවාහ උත්සවයේ කරන සෑම දෙයමත් කරන්නට ගිය කල වියදම් දෙකකි. එක්කෝ අපි ඉංගිරිසි කාරයා ගේ විවාහ සිරිත් අනුගමනය කළ යුතු වෙමු. එසේත් නැතිනම් හෙළ සිරිත් කළ යුත්තෝ වෙමු. ඉංගිරිසි කාරයාගේ අරක්කුත්, කෝට් බෑයත්, මධුසමයත් හෙළ සිරිතෙන් පෝරුවේ මඟුලත්, ජය මඞ්ගල ගාථාත්, මහා කෑම මේසත් ගත් කල විවාහ වන්නන් නට්ටං වේ. ඒ අයුරින් ම තමයි අනෙකුත් උත්සවත්. නමුත් අපේ සිතන විධිය වෙනස් කරන්න නම් පටන් ගත යුත්තේ කුමණ කොනකින් ද යන්න නම් නො තේරේ. කෙසේ වෙතදු උපන් දිනේට පන්සල් පමණක් ගොස් බේරීමට නම් තවමත් නොහැක. ඉංගිරිසි කාරයා ගේ කෑම කඩෙන් කෑම වේලක් දිය යුතුමය.
2008-06-26
නිලන්ත පියසිරි විසින් 10:50 පැයට
ලමුන් තුරු දැලට නිරාවරනය කරනා මව්පියනට මෙන්න K9 webprotection
නරකම ප්රජාතන්ත්රවාදය තියෙන්නේ තුරු දැලේ කියලයි මට හිතෙන්නේ. සමහරක් කියන්න පුළුවන් මෙය හොඳම ප්රජාතන්ත්රය කියලත්. කෙසේ වෙතුදු නරක වෙබයන්ගෙන් දරුවා රැක ගන්න මුදල් නොයන මඟක් වශයෙන් K9 webprotection හඳුන්වන්න පුළුවන්. නොමිලේ නිසා තවත් හොඳයි. මට නම් මෙවැනි දේ සොයන වයසේ දරුවෝ නැහැ තවම. නමුත් මම කාර්යාලයේ ඉන්න නරක වැඩිහිටි නරක දරුවන්ගේ ජනෙල් පෙට්ටි (windows boxes) වලට මෙය දැම්මා. මොකද කාටවත් වෛරස ගැන අදහසක් නැහැ මෙම වෙබයන්ට යනකොට. මෙන්න සම්බන්ධකය http://www1.k9webprotection.com/
ලිනුක්ස් පෙට්ටි වල නම් squid හරහාත් මෙය කරන්න පුළුවන් ලු. මම නම් උත්සහ කරලා නැහැ තවම.
ලිනුක්ස් පෙට්ටි වල නම් squid හරහාත් මෙය කරන්න පුළුවන් ලු. මම නම් උත්සහ කරලා නැහැ තවම.
2008-06-25
නිලන්ත පියසිරි විසින් 12:08 පැයට
අපරනාමයන් තුලින් සමූහයකට විදිලි තැපැල් කිරීම
මා හට අපගේ විදිලි තැපෑල පාවිච්චි කරන්නන් සියළුම දෙනා හට එකවර ලිපියක් යැවීමට උවමනා විය. මා සිතුවේ සමූහක් (group) සෑදීමෙන් මෙම කටයුත්ත කළ හැකි බවයි. නමුදු එමඟින් එය කළ හැකි මගක් මට හමු නොවුනි. මෙහිදී /etc/mail/aliases භාවිත කරමින් එය කළ හැකි විය. මා පළමුව කළේ, මට අවැසි සමූහයේ නමින් අළුත් විදිලි ලිපිනයක් සෑදීමයි. ඉන් පසු ඉහත සඳහන් අපරනාම ගොනුවේ මට උවමනා ඉදිරිපත් කිරීම පහත දැක්වෙන අයුරින් කළෙමි.
දැන් ඉහත all යන්නට විදිලි තැපෑලක් යැවූ විට එය එහි අපරනාමයන් සියල්ලට යැවේ. මෙය මට අළුත් දෙයක් වූවාට සමහරුන් එසේ නොවන්නට පුළුවන්. එසේ නම් කමන්න.
all: nilantha, eranga, wmnilantha@gmail.comඉන් පසු යලි postfix සේවාව අරඹන ලදි.
service postfix restart
දැන් ඉහත all යන්නට විදිලි තැපෑලක් යැවූ විට එය එහි අපරනාමයන් සියල්ලට යැවේ. මෙය මට අළුත් දෙයක් වූවාට සමහරුන් එසේ නොවන්නට පුළුවන්. එසේ නම් කමන්න.
2008-06-13
නිලන්ත පියසිරි විසින් 16:26 පැයට
දුවනිට සින්දුවක්
දුවනි හරිම කැමති සින්දුවක් - හිංචි පිංචි හාවා
හිංචි පිංචි හාවා යද්දි තනි වෙලා
විලේ උන්නු ඉබ්බා දැකලා වතුරේ නෑවිලා
ඉබ්බා දැකපු හාවා ඉවුරේ නැවතිලා
ඔට්ටු තියලා අපි දුවමුද අහුවා ලං වෙලා
දුවන්නට හැකී තමුසෙ හපනෙකී
ඔච්චර ඔය කියන නිසා දුවලා බලමුද
හැබැයි හාවො මට ඉස්සර වෙන්න දෙනවද
හාවා දුව එනා නිදන්නට උනා
ඉබ්බා හිමින් හිමින් නියම තැනට ලං වුනා
නිදා උන්නු හාවා
ඌට උඩින් පැරදුනා
2008-06-04
නිලන්ත පියසිරි විසින් 09:47 පැයට
ඉන්ධන මිල අඩු කරනු
"ඉන්ධන මිල අඩු කරනු" හැම තැනම දැන්විම් ගහලා, ඇමති කෙනෙක් සභාපති වූවාට සුභ පතලා තවත් දැන්වීම් ඒවා නම් රෙදි වලින්. මේවට කොපමණ මුදලක් යනවා ඇතිද? දැන්වීම් වලට යන මුදල් වලින් පාසැල් ලමුන් කී දෙනෙකුට ලිවීමට පොත් දිය හැකිව ඇතිද? ඒවාට යන රෙදි වලින් පාසැල් ලමුන් කී දෙනෙකූට නිළ ඇඳුම් දිය හැකිව තිබුනාද?
Subscribe to:
Posts (Atom)
