2008-07-01

නිලන්ත පියසිරි විසින් 12:41 පැයට
1

මා පිය සොදුර ගේ උපන් දිනය

ඊයේ මා පිය සොඳුර ගේ උපන් දිනය. ඈ තුටු කිරීමට කළ හැක්කේ කුමක්ද යන්න දින කිහිපයක පටන් නිති මා කල්පනාවට ආ දෙයකි. මෙ කල අප සියල්ලෝම හැදියාවෙන් මං මුලා වූවන් බැවින් කළ යුතු දේ ගැන නිතරම සැක සහිතය. උදාහරණයකට මෙ කල විවාහ මඟුලකට කෙතරම් මුදල් වැය වේ ද? මා සිතන අයුරින් නම් ඒ මෙසේය. ඉංගිරිසි කාරයා ගේ විවාහ උත්සවයේ කරන සෑම දෙයමත් සිංහලයා ගේ විවාහ උත්සවයේ කරන සෑම දෙයමත් කරන්නට ගිය කල වියදම් දෙකකි. එක්කෝ අපි ඉංගිරිසි කාරයා ගේ විවාහ සිරිත් අනුගමනය කළ යුතු වෙමු. එසේත් නැතිනම් හෙළ සිරිත් කළ යුත්තෝ වෙමු. ඉංගිරිසි කාරයාගේ අරක්කුත්, කෝට් බෑයත්, මධුසමයත් හෙළ සිරිතෙන් පෝරුවේ මඟුලත්, ජය මඞ්‍ගල ගාථාත්, මහා කෑම මේසත් ගත් කල විවාහ වන්නන් නට්ටං වේ. ඒ අයුරින් ම තමයි අනෙකුත් උත්සවත්. නමුත් අපේ සිතන විධිය වෙනස් කරන්න නම් පටන් ගත යුත්තේ කුමණ කොනකින් ද යන්න නම් නො තේරේ. කෙසේ වෙතදු උපන් දිනේට පන්සල් පමණක් ගොස් බේරීමට නම් තවමත් නොහැක. ඉංගිරිසි කාරයා ගේ කෑම කඩෙන් කෑම වේලක් දිය යුතුමය.

1 අදහස් දැක්වීම්:

Anuradha Ratnaweera said...

අප නම් අරක්කු, කේක් කැපීම හා වෙනත් ඉංගිරිසි සිරිත් උත්සවයෙන් ඉවත් කළා. ඇරැයුම් පත හා අනිකුත් සියලුම දේ කලේ සිංහළයෙන්. ඒ ගැන ලියූ බ්ලොග් සටහන් දෙකකි මේ: දස්සාගේ සටහන,, තවත් [නම නොදන්නා] කෙනෙකුගේ බ්ලොග් සටහන