2008-10-24

නිලන්ත පියසිරි විසින් 10:21 පැයට
1

දැන්වීම් කාටද?

අපේ මවිබිමට, රටට ආදරේ නම් ජවිපෙ,ජනිපෙ,හෙළ උරුමේ, දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය, දේශ හිතෛෂි ජාතික මධ්‍යස්ථානය ආදී මෙකි නොකී නම් වලින් මේ පෙරමුණු බෙදිලා ඉන්නේ ඇයි? උදේ යනකොට ජනිපෙ න් දැන්වීමක් ගහලා තියෙනවා ඉන්දියානු මැදිහත් වීමට විරුද්ධ වෙමු වගේ තේරුමක් තියෙන දැන්වීමක්. හැන්දෑවේ යනකොට ඒක වහලා ජවිපෙ දැන්වීමක් ගහලා ඉන්දියාව මැදිහත් නොවෙනු කියලා. එකම දේ නොවෙද කියන්නේ. අපරාදෙ නොවෙද කොල. අපේ බලය බෙදිලා ගිහිල්ලා. එකිනෙකා කුලල් කා ගන්නවා. "අනේ කුහුඹුන්නේ තොපටත් රජෙක් ඉන්නේ...."

1 අදහස් දැක්වීම්:

චලනි විජේසේකර said...

ඕවා ගැන වදවෙලා වැඩක් නැහැ නිලා දැන් බලාන්න ඔය ජාතින ව්‍යාපාර අරපෙ මේපෙ ඔය කොළඔ නගරෙ සිංහලෙන් පොස්ටර් ගැහුවා කියලා ඉන්දියාවෙ කට්ටියට පේනවද නැහැනෙ. ඒවා ගහන්නෙ අපිමේකට විරුද්ධයි කියා අපේ රටේ නගරවලා පයින් සහ බස්වලා යන එන දුප්පත් ඡන්ද දායකයන්ගෙ හිත් පිනවන්නනෙ. අනේ ඔන්නඔහේ ඒකට්ටිය පෝස්ටර් ගහගත්තාවෙ. ආයෙ මොකෝ අපට බ්ලොග්වල ලියන්න වත් මොනවවත් තියෙන්න එපායැ නේද?